අධිකරණයේ විනිසුරුවකුට තර්ජනය කිරීම සම්බන්ධව කැබිනට් ඇමතිවරයකුට චෝදනා එල්ල වීමෙන්තමන් කණගාටුවට පත් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ නිවාසවලට ගල් ගැසූ යුගයක්ද මීට පෙර තිබූ බව ජනාධිපතිවරයා පැවසීය.
වත්මන් ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් ආරක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
පසුගියදා මන්නාරම අධිකරණයේදී ඇති වූ ගැටුම පිටුපස අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා සිටින බවටත් අධිකරණ තීන්දුවක් වෙනස් කරන ලෙස ඔහු විනිසුරුවරයාට තර්ජනය කළ බවටත් චෝදනා එල්ල වී ඇත. ඇමතිවරයා පවසන්නේ තමන් සිදුවීම සිදු වන අවස්ථාවේ කොළඹ සිටි බවයි. සිද්ධිය වාර්තා වූ සැණින් විශේෂ හෙලිකොප්ටරයක නැගී මන්නාරමට ගිය බවද ඔහු පවසයි.







