දිවයිනේ තෝරා ගත් ප‍්‍රදේශ කිහිපයකට හෙට සිට පෙ.ව. 9සිට දහවල් 12දක්වා විදුලිය විසන්ධි කරන බව විදුලි බල ඇමති චම්පික රණවක මහතා පවසයි. විදුලිය කප්පාදුවට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ කෙරලවලපිටිය හා ලක් විජය බලාගාරවල හදිසි තාක්ෂණික දෝෂ මතුවීම නිසා එම බලාගාර අකර්මන්‍යව ඇති බවයි.








