එන්නත් ලබා දීමෙන් වැළකී සිටින බව පවුල් සෞඛ්‍ය සේවිකාවෝ පවසති.
දිගු කාලයක් තිස්සේ තමන්ගේ ගැටලූ බලධාරීන්ට ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි චෝදනා කරන ඔවුහු ඒ නිසා මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදු වූ බව පෙන්වා දෙති. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමයේ ලේකම් දේවිකා අබේරත්න මහත්මිය පවසන්නේ, සිය වෘත්තිය ක‍්‍රියාමාර්ගය අද සිට ආරම්භ කරන බවයි.






