එච්.එස්.බී.සී. බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 500ක ණය මුදලක් එකවර ගෙවා දැමීම සඳහා ආණ්ඩුව ඩොලර් මිලියන 1000ක වාණිජ ණයක් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.
ඔහු පවසන්නේ ණය මුදලක් ගෙවා දැමීමට වාණිජ ණයක් නොගත යුතු බවයි. එමෙන්ම, ලබා ගත් ණය මුදලක් එකවර ගෙවා දැමීමට තවත් ණයක් ගත් ආණ්ඩුවක් ඉතිහාසයේ නොතිබූ බවද ඔහු පවසයි. ලබන සැප්තැම්බර් 17වැනිදා මෙලෙස එකවර ණය මුදල ගෙවා දැමීමට නියමිතය.
හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අනාවරණය කරන්නේ,එම ණය මුදල ගෙවීමෙන් පසුව ඉතිරි වන මුදල තවත් ණය ගෙවීම සඳහා යොදා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.
මෙය ඉතා අදූරදර්ශී ක‍්‍රියාවක් බවද ඔහු පවසයි.








