'එක අහසක් යට' තේමාව යටතේ වෙනසක තාරුණ්‍ය සංවිධානය විසින් ඊයේ ආරම්භ කරන ලද වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන බව එම සංවිධානය පවසයි.
සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණ තරුණියන් සමග ඊයේ කොටුව දුම්රිය පොළින් පිටත් වූ ඔවුහු දුම්රිය මගීන් සමග අත්දැකීම් හුවමාරු කර ගත්හ. දුම්රිය මගීන් වෙත දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා හැරියහ.
ඉන් පසුව නුවරඑළිය නගරයේ වීදි නාට්‍ය, වීදි ගී ප්‍රසංග පවත්වා එම ජනතාව සමග අත්දැකීම් හුවමාරු කර ගත් බවද ඔවුහු පවසති.









