Latest news
A+ R A-

ගොවි ගැටලු නොවිසඳා ඡන්දය ඉල්ලගෙන එන්න දෙන්න එපා - සුබසිංහ

E-mail Print PDF

altගොවි ජනතාවගේ ගැටලුවලට උත්තර නොදී ඡන්දය ඉල්ලමින් කිසිවකුට පැමිණීමට ඉඩ නොදිය යුතු යැයි ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික එස්. කේ. සුබසිංහ මහතා පවසයි.ගොවි අරගල ව්‍යාපාරය විසින් අද සංවිධානය කරන ලද මාධ්‍ය හමුවදී ඔහු මේ බව පැවසීය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එස්. කේ. සුබසිංහ මහතා මෙසේ පැවසීය.

‘‘ගිරිතලේ කුඹුරු අක්කර දහස් ගණනක් විනාශ වෙලා, ගොවීන් තමන්ගේ සියලුම හැකියාවන් යොදා වගා කළ කුඹුරු පිදුරු බවට පත් වෙමින් තිබෙනවා. මේක ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ජීවිත  පිළිබඳ ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නයේදී ආණ්ඩුව කොහොමද වැඩ කරන්නේ? ආණ්ඩුව කියන්නේ වතුර නැති නිසා තමයි මේ ප‍්‍රශ්නය ඇති වුණේ කියලා. නමුත් ඇත්ත තත්වය මොකක්ද?

වැසි වැටෙන්න කලින්, මීට මාසයකට පෙර කිරිතලේ වැවේ 29%ක් වතුර තිබුණා. මේ කන්නය පටන් ගනිද්දී 35%ක් වතුර තිබුණා. එහෙම තිබියදී තමයි ගොවීන්ට වතුර නොදුන්නේ. නමුත් 2004කන්නය පටන් ගත්තේ ගිරිතලේ වැවේ වතුර 14%ක් විතරක් තියෙද්දී. 2007කන්නය පටන් ගනිද්දී වැවේ තිබුණේ 27%යි. 2009කන්නය පටන් ගනිද්දී 25%යි වතුර තිබුණේ. නමුත් මේ කන්නය පටන් ගනිද්දී වැවේ වතුර 35%ක් තිබුණා.

මොකක්ද ප‍්‍රශ්නය?  ආණ්ඩුව පසුගිය කන්නවල ගත් වී ගබඩාවල කුණු වෙමින් තිබෙනවා. ඒවා වෙළඳපොළට නිකුත් කළේ නැහැ. ඒ වගේම ගිරිතලේ ඇතුළු ප‍්‍රධාන වැව් සියල්ලම සී ප්ලේන් ව්‍යාපෘතිවලට හා සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගැසට් කරලා තිබෙන්නේ. මේක තමයි වැවේ තිබෙන දේශපාලනය.

දැන් වතුර නිකුත් නොකිරීමට විරුද්ධව ගොවි ජනතාව අරගල කරන්න පටන් ගෙන  තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය වුණා, මේ ගොවි අරගල අතර මග නතර කරන්න. ඒ නිසා තමයි මේ හදිසි මැතිවරණයක් ගෙනත් දැම්මේ. අපේ රටේ තිබෙන විපක්ෂයත් ආණ්ඩුවේ මේ වුවමනාවට අහු වෙලා ඉන්නේ. විපක්ෂය කිසිම සෙවිල්ලකින් බැලිල්ලකින් තොරව මැතිවරණය කෑදරකමින් බදා ගත්තා. ආණ්ඩුවේ වුවමනාව මොකක්ද කියලා තක්සේරු කළේ නැහැ. මීට මාස කිහිපයකට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ ගොවි ජනයාගේ ප‍්‍රශ්න කතා කරන්න පටන් ගෙන තිබුණේ. නමුත් දැන් ඒ සියල්ල යට පත් වෙලා.

වාරි පද්ධතියට වෙලා තියෙන්නේ මොකක්ද කියලා දන්න නිලධාරීන් කිහිප දෙනෙක් කිව්වා ප‍්‍රශ්න මොකක්ද කියලා දැන ගන්න වැව දිහා නොවෙයි, කන්ද දිහා බලන්න කියලා. මම කලින් වැවේ දේශපාලනය කිව්වා. කන්ද දිහා බලන කොට තමයි කන්දේ දේශපාලනය පේන්නේ.

ඔබ දන්නවා, මධ්‍යම කඳුකරයේ වනාන්තර අක්කර ලක්ෂයක් ආණ්ඩුව ගැසට් කරලා විවිධ සමාගම්වලට දුන්නා. දැන් ඒ අක්කර ලක්ෂය කපලා, මුල් විතරයි තියෙන්නේ. ඒ නිසා කඳුකරයේ එළවලු ගොවියා දැන් උද්ඝෝෂණ කරනවා, ජල උල්පත් හිඳිලා කියලා. ජල පෝෂක ප‍්‍රදේශ විනාශ කරලා.

පරාක‍්‍රම සමුද්‍රය ළඟ තියෙන දේශපාලන හෝටලයක් නිසා වැවේ ජල ධාරිතාව රඳවා ගන්නේ නැහැ. වතුර පිරෙන කොට සොරොව් ඇරලා ඉවත් කරනවා.

දැන් තිබෙන නිෂ්පාදන වියදමට අනුව, වී කිලෝවකට රුපියල් 40ක මිලක් ලැබිය යුතුයි. පසුගිය අවුරුදු පහක් තිස්සේම වී ගොවියාගේ අස්වැන්නට මිල වැඩි වෙලා නැහැ. ලංකාවේ වැඩ කරන ජනතාව අතුරෙන් අවුරුදු පහක් තිස්සේම ආදායම් වැඩි නොවුණේ ගොවියාට පමණයි. මේ කියන්නේ අනෙක් ජනතාවට ප‍්‍රමාණවත් වැඩිවීමක් ලැබුණා කියලා නොවෙයි. රජයේ සේවකයින්ට ලැබිය යුතු ජීවන වියදම් දීමනාව රුපියල් 10,000වන තුරු එකතු වෙලා තිබෙනවා, ඒවා ගෙවලා නැහැ. කම්කරුවන්ට අයිතීන් නොදෙන ආණ්ඩුව ගොවීන්ටත් ඒ ආකාරයෙන්මයි සලකන්නේ.

altඒ නිසා අපි ගොවි ජනතාවට කියන්නේ මේ මැතිවරණය ඔබ ඉල්ලූ එකක් නොවෙයි, ඔබට අවශ්‍ය මැතිවරණයක් නොවෙයි. ආණ්ඩුවේ බල වුවමනාවට ගෙනා මැතිවරණයක්. තමන්ගේ ඡන්ද බැංකු හිඳෙනවා කියලා ආණ්ඩුවටත් විපක්ෂයටත් දනවන්න  ඕන.

අපි මේ කියන්නේ ඡන්දය වර්ජනය කරන්න කියලා නොවෙයි. අර කතාවක් තියෙනවා, කබල රත් වුණාමයි රොටී පුච්චන්න  ඕන කියලා. දැන් කබල රත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණය ඔබේ මැතිවරණය බවට පත් කර ගන්න. කුඹුරුවලට වතුර නොදී ඡන්දය ඉල්ල ගෙන ගමට එන්න එපා කියලා දේශපාලකයින්ට කියන්න. විනාශ වුණු කුඹුරු වෙනුවෙන් වන්දි ගෙවන්නේ නැතිව ඡන්දය ඉල්ල ගෙන ගමට එන්න එපා කියලා කියන්න. මේ මැතිවරණයේදී ඔබේ ගැටලූ වෙනුවෙන් සටන් කරන්න.

ලබන කන්නයේදීත් මේ වතුර ප‍්‍රශ්නය මේ විදියම තමයි. ධනපති ක‍්‍රමයට බැහැ, මේ ගැටලූවලට උත්තර දෙන්න. ඒ නිසා මේ ක‍්‍රමය වෙනස් කරන්න  ඕන.’’

මෙම මාධ්‍ය හමුවේදී ධර්මලිංගම් තිරුබාහරන් මහතා දෙමළ භාෂාවෙන් අදහස් පළ කළේය.

Comments

 
0 # japure ajith 2012-07-23 20:19
ithin chandaya illannane thibune kaiya withrai
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 231 guests online

Advertisment

advertisment