කයිට්ස්හිදී මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි. රාජේෂ්වරී කොවිල ඉදිරිපිට මෙම මළ සිරුර තිබී ඇත.පොලිසිය පවසන්නේ මිය ගිය පුද්ගලයා වේළුපිල්ලේ මහේන්ද්‍රන් නමැති 36 හැවිරිදි අයකු බව හඳුනාගෙන ඇති බවයි. ඔහු මන්ද මානසික තත්වයේ පසු වූවකු බවද පොලිසිය පවසයි.මළ සිරුර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.








