අලූතින් නිකුත් කරන ලද ඉසෙඩ් ලකුණු විශාල වියවුල් තත්වයක් නිර්මාණය කර තිබේ. පළමු වරට නිකුත් කරන ලද ඉසෙඩ් ලකුණු මගින් සරසවි වරම් හිමි වූ සිසුන් විශාල ප‍්‍රමාණයකට නව ඉසෙඞ් ලකුණු හේතුවෙන් සරසවි වරම් අහිමි වී තිබේ.
මේ නිසා ඊට විරුද්ධව අසාධාරණයට ලක් වූ සිසුන් නැවත වතාවක් අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වේ. නව ඉසෙඞ් ලකුණු නිසා සරසවි වරම් අහිමි වන සිසුන්ට මෙවර පැවැත්වෙන විභාගයට පෙනී සිටීමට විශේෂ අවස්ථාවක් සලසන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේය. එහෙත් සිසුන් හා ගුරු සංගම් පෙන්වා දෙන්නේ එය කිසිසේත්ම උද්ගතව ඇති ගැටලූවට විසඳුමක් නොවන බවයි.
නව ඉසෙඩ් ලකුණු නිකුත් වීමත් සමග අසාධාරණයට ලක් වූ සිසුන් නගරවලට රැස් වෙමින් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වෙමින් සිටින බවද වාර්තා වේ.








