Latest news
A+ R A-

මිනීමරුවන් තවම නිදැල්ලේ - කහවත්තේ සැකකරු

E-mail Print PDF

 

altකහවත්තේ කාන්තා ඝාතකයින් තවමත් නිදැල්ලේ පසුවන බවත් තමන්ව බොරුවට සිර කර ගෙන සිටීමෙන් පළ නැති බවත් කේ. ඒ. නන්ද නමැති සැකකරු පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඔහු පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ ඡායාරූප ගත් මාධ්‍යවේදීන් අමතමිනි. සැබෑ මිනීමරුවන්ගේ ඡායාරූප ගන්නා ලෙසද ඔහු පවසා ඇත.

කේ. ඒ. නන්ද නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලද්දේ කොටගෙතන වරාපිටියේ පදිංචිව සිටි එස්. දයාවතී (61) හා එස්. තිලකාවතී (52) යන සොයුරියන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිටය.

රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණේ, සැකකරු තමන් විසින් එම ඝාතන සිදු කරන ලද බවට වගකීම බාර ගත් බවයි. එහෙත්, ඔහු එලෙස වගකීම බාර ගත්තේ රහස් පොලිස් නිලධාරීන්ගේ බලකිරීමට යැයිද රාවයක් පවතී.

කෙසේ වෙතත්, සීබා නමැති පොලිස් නිල සුනඛයා නතර වූයේද සැකකරුගේ නිවසේ වන අතර විද්‍යාත්මක සාක්ෂි මගින්ද ඔහු සිද්ධියට සම්බන්ධ බව අනාවරණය වන්නේ යැයි රහස් පොලිසිය පවසයි.

සැකකරු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 105 guests online

Advertisment

advertisment