ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා පැහැර ගැනීම පිළිබඳව යාපනය හා අච්චුවේලි පොලිසිවලට කරන ලද පැමිණිලිවල සහතික පිටපත් නිකුත් කරන්නැයි යාපනය මහේස්ත‍්‍රාත්වරයා අද එම පොලිසිවල ස්ථානාධිපතිවරුන්ට නියෝග කළේය.

ඒ, අද යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදීය. කුගන් මුරුගානන්දන්ගේ බිරිඳ විසින් අච්චුවේලි පොලිසියට කරන ලද ප‍්‍රකාශයේත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා යාපනය පොලිසියට කරන ලද පැමිණිල්ලේත් සහතික පිටපත් නිකුත් නොකර ලද බව නීතිඥවරු පෙන්වා දුන්හ.
නඩු විභාගය අගෝස්තු මස 19, 20දිනවලට කල් ගියේය.







