අචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදී විශ්වවිද්‍යාල වහා විවෘත කරන ලෙස බලකරමින් හා උසස් පෙළ විභාග ප‍්‍රතිඵල ගැටළුව හේතුවෙන් අසාධාරණයට ලක්වූ සියලූ සිසුන්ට සාධාණය ඉටුකරණ ලෙස බලකරමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසුන් විසින් සංවිධානය කරණ ලද උද්ඝෝෂණයක් හා පාගමණක් අද දින (24) අනුරාධපුර බස්නැවතුම්පොලේ දී පවත්වවන ලදි. මෙම උද්ඝෝණය සඳහා සියළුම පීඨ නියෝජනය කරමින් සිසුන් සහභාගී විය.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම උද්ඝෝණයේදී අචාර්යය අරගලය අතිශය සාධාරණ ඉල්ලීම්මත පදනම් වී ඇතැයිද, එම ඉල්ලීම් ජයග‍්‍රහණය කිරීම මත උසස් අධ්‍යාපනයේ අනාගතය තීරණය වන්නේ යැයිද, පැවසූ උද්ඝෝකයෝ එම ගැටලූ නොවිසදා සරසවි විනාශ වනතුරු ආණ්ඩුව බලාසිටින්නේ යැයි චෝදනා කළහ.
උසස් පෙළ ප‍්‍රතිඵල නැවත නිකුත්කිරීම සමඟින් සිසුන් විශාල ප‍්‍රමාණයකට බරපතල අසාධාරණයක් සිදුව ඇතැයිද එයට හේතවී ඇත්තේ ගැටළුකාරී විභාග ප‍්‍රතිඵලය මුලදීම නිවරදි නොකර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙනතුරු බලාසිටීම බවත්, එම නිසා මුලින් ආණ්ඩුව නිවරදියැයි තරයේ ප‍්‍රකාශකල ප‍්‍රතිඵලයට අනුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශ සුදුසුකම් තිබූ සිසුන්ට එම අවස්ථාව අද අහිමිවීම හා ඔවුන්ට මෙවර විභාගයටද ඉදිරිපත්වීමට නොහැකිවීම බවත් චෝදනාකළ සිසුන් එහිදී ප‍්‍රකාශකලේ මෙම අසාධාරණයට පත් සියලූ සිසුන් සරසවිවලට බදවාගත යුතු බවයි. ඒ සඳහා දැනට කරන බඳවාගැනීම් වැඩිකලයුතු බව එහිදී ඔවුහු ප‍්‍රකාශ කළහ.
ඒ සඳහා අවශ්‍ය නම් විශ්වවිද්‍යාලවල ඉඩපහසුකම් තිබෙන බවද, සමහර අවස්ථාවන් වලදී කණ්ඩායම් දෙකක සිසුන් එකවර බඳවාගත් අවස්ථාවන්ට අත්දැකීම් සරසවි ඉතිහාසයේ පවතින බැවින් මෙවරද ඒසේ කටයුතු කළ යුතු යැයිද, සිසුන්ට සාධාරණය ඉටුකළහැකි එකම ක‍්‍රමවේදය එය බවද, ඒ සඳහා ආණ්ඩුවට බලකර සිටින බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.











