භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් මතක නැතැයි එම ඝාතනයේ ප‍්‍රධාන සැකකරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා රහස් පොලිස් නිලධාරීන්ට පවසා ඇත.
ඔහු තමන්ට අමතක බව පවසා ඇත්තේ අධිකරණ නියෝගයකට අනුව රහස් පොලිස් නිලධාරීන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ගොස් ප‍්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේදීය.
2010ඔක්තෝබර් මස 08වැනිදා තමිල්නාඩුවත්තට ගොස් එහි ඡන්ද දායකයින් සමග කතා බහ කරමින් සිටි බවත් ඉන් පසුව තමන්ට මතක ඇඳක් මත සිටි ආකාරය බවත් දුමින්ද සිල්වා මහතා පවසා තිබේ. ඒ මොහොතේ තමන් අසල සිය මව සිටි බව පවසා ඇති සැකකාර මන්ත‍්‍රීවරයා තමන් සිටින්නේ ජයවර්ධන පුර රෝහලේ බව මව පැවසී යැයිද අනාවරණය කර ඇත.
තමන්ට වෙඩි වැදී ඇතැයි වෛද්‍යවරුන් පැවසූ බවද දුමින්ද සිල්වා මහතා පවසා තිබේ.
ඔහුට තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව රෝහල් වෛද්‍යවරුන් දැනුම් දුන් බවද රහස් පොලිස් නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ නඩුව විභාගයට ගත් අතර නැවත අගෝස්තු 7වැනිදාට කල් තැබිණි.









Comments