පසුගිය 22වැනිදා කාර්මික දෝෂයක් හේතුවෙන් අඩපණ වූ බවට නිවේදනය කරන ලද පුත්තලම ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනා ගෙන ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි.
එහි තත්වය නිරීක්ෂණය කිරීමට ඊයේ විදුලි බල ඇමති චම්පික රණවක මහතාද එහි ගිය බව අමාත්‍යාංශය සඳහන් කරයි.
බලාගාරයේ දෝෂය හඳුනා ගෙන ඇති බැවින් දින තුනක් ඇතුළත එය යථා තත්වයට පත් කළ හැකි බවත් දේශීය කාර්මික ශිල්පීන්ට එය කළ හැකි බවත් පවසන විදුලි බල අමාත්‍යාංශය බලාගාරය අලූත්වැඩියා කිරීමෙන් පසුව දැනට සිදු කෙරෙන විදුලිය කප්පාදුව නතර කරන බවද ප‍්‍රකාශ කරයි.
ලක් විජය බලාගාරයේ විදුලි නිෂ්පාදනය නතර වීමෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් වූ මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් අහිමි විය.






