උසස් පෙළ විභාගයේ ප‍්‍රථිඵල නිකුත් කිරීමත් සමග අසාධාරණයට ලක් වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් එක්ව අද දින (25) තංගල්ල නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර තිබූ අතර මේ වන විට එම උද්ඝෝෂණයට එරෙහිව මැර තර්ජන එල්ල වෙමින් ඇති බව වාර්ථා වේ.
නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ මැදිහත්වීමෙන් ඊයේ දිනයේදී සිසුන්ට සහ සිසුන්ගේ දෙමාපියන්ට උද්ඝෝෂණයට සම්බන්ධ නොවන ලෙස තර්ජන එල්ල වූ බවත් ඔහුට සම්බන්ධ මැර කණ්ඩායම් විසින් උද්ඝෝෂණය සඳහා සූදානම් කර තිබූ කටවුට්, පෝස්ටර්, පත‍්‍රිකා සියල්ල ගිනිතබා විනාශ කර ඇති බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරයි.
මේ වන විටත් පොලිස් නිලධාරීන් මැදිහත් කරගනිමින් නගරය අවට උපකාරක පංති වලට සහ සිසුන් සම්බන්ධ විය හැකි සෑම ස්ථානයකටම රැකවල් යොදා ඇති බවත් උසස් පෙළ සිසුන්ට සිදුවූ අසාධාරණයට සාධාරණය ඉටු කරනු වෙනුවට ආණ්ඩුව සිදු කරන නින්දා සහගත මැදිහත්වීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එහි කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.






