තමන් ආණ්ඩුවට යන බවට පැතිරෙන කතාවල සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා නොකළ බවයි.
දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා සහ ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ඒ පිළිබඳ ආරංචි වී වහාම වාර්තාවක් ලබා දෙන ලෙස එජාප නායකයා නියෝග කර ඇති බවත් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන දයාසිරි ජයසේකර මහතා පවසන්නේ එජාප නායකයාගේ ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කර ගැනීමට තමන් විරුද්ධ බවයි. එය පක්ෂය තුළ සංවාදයකින් අනතුරුව සිදු වූවක් නොවන බවත් එය සිදු කල ආකාරය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.








