අවිධිමත්ව කරන ලද උපාධිධාරී බදවා ගැනීම් හේතුවෙන් මෙ වනවිට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවත් ඊට මුවාවී ආණ්ඩුව 2010 සහ 2011 වසරවල උපාධිට ලබාගත් රැකියා විරහිත උපාධිධාරීන් කොටසකට පමණක් පත්වීම් ලබානොදීමට තීරණය කර ඇති බවත් අද (25) දහවල් පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා පැවසීය.
රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයින් ප්‍රථමයෙන් දිස්ති‍්‍රක් ලේකම්තුමා හා සාකච්ඡා කර ඇති අතර එහිදී දිස්ති‍්‍රක් ලේකම්වරයා මෙම පිරිසට අසාධාරණයක් සිදුව ඇති බව පිළිගන්නා බවත්, දේශපාලන ඇගිලි ගැසීම් නිසා විධිමත්ව රැකියා ලබාදීමට නොහැකි වූ බවත්ය. එසේම පුරප්පාඩු තිබෙන බවද පවසන ලදී.
සාකච්ඡාවෙන් අනතුරුව ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සටන් පාඨ කියමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයක් පවත්වා විසිර යන ලදී.
මුලනට කිරි - අපට කැකිරි
රටපුරාම - ඡන්ද ගුංඩු
ජනතාවට - ප‍්‍රශ්න ගොඩයි
මුන්ට මේවා - ගානක් නෑ
2010 - උපාධියට
2011 - උපාධියට
රැකියාවක් - දෙන්න බැරිලු
දෙකෙන් එකක් - බේරගන්න
අපි ආවා - මහ පාරට
යනාදි සටන් පාඨ කියන ලදී







