විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නව උසස් පෙළ ලකුණ හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුහු ඊයේ දිවයින පුරා උද්ඝෝෂණවල නිරතවූහ.
මෙම උසස් පෙළ විභාග ප‍්‍රථිඵල නැවත නිකුත් කිරීමත් සමග පැවති අර්බුදය සමනය වීම වෙනුවට තව දුරටත් උග‍්‍ර වී ඇති අයුරු දැක ගත හැකිය. මීට පෙර ප‍්‍රථිඵල වලට අදාල ප‍්‍රවේශ අවස්ථා හිමිව තිබූ දක්ෂ සිසුන් විශාල පිරිසකට අවස්ථා අහිමි වී ඇත.
මෙම තත්ත්වයට වගකිවයුත්තේ පාලකයින් බව සිසිහු චෝදනා කරති.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැති එම උද්ඝෝෂණවල ඡායාරූප පහත පළවේ.








