මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතල් ගිරවා ඊයේ කූඩුවෙන් එළියට පැමිණ වරාය භූමියට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙම ගිරවා ඇමර්සන් වනාන්තරයේ ජීවත්වන මැකෝ වර්ගයට අයත් එකෙකි.
ඊයේ ගිරවා වරායට පැමිණීමෙන් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් පිරිසක් සහ ගිරවාට සාත්තු කරන සේවකයින් පිරිසක් පැමිණ ඌ අල්ලා ගැනීමට උත්සාහ දරා තිබේ. වරායේ දොඹකරයක වසා සිටි ඌට සේවකයින් කතා කර ඇතත් ඌ අල්ලා ගැනීමට හැකි වී නැත. ඊයේ සවස් වන තුරුම එම උත්සාහය සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇත. පසුව ඌ ගස්වල ඉහළ අතුවලට පියඹින් සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ගිරවා දැකීමෙන් අපහසුතාවයට පත් වූ කපුටන් ඌට කොටන්නට පටන් ගෙන ඇති බවත් කපුටන් එළවීමට රතිඤ්ඤා පත්තු කරමින් කපුටන්ගෙන් ගිරවා බේරා ගැනීමට උත්සාහ දරා තිබේ. මේ ගාලගෝට්ටිය නිසා ගිරවාද කලබලයට පත්ව තිබේ. ඌ මේ වන විට වරායෙන්ද පලා ගොස් ඇති බවත් ගිරවා සෙවීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවත් වාර්තා වේ.
මෙම පුවත තහවුරු කර ගැනීමේ අරමුණෙන් වරායේ සේවකයින් කිහිප දෙනකු ඇමතූ ‘ලංකාවිව්ස්’ වෙත තවත් අපූරු කතාවක්ද වාර්තා විය.
‘‘ගිරවෙක් දොඹකරේ උඩ වහලා ඉන්නවා දැකලා ‘පෙත්තෝ බත් කෑවද?’ කියලා අපි ඇහුවා. ‘රට කෑවා... රට කෑවා...’ කියලා කෑ ගහලා ඌ ඉගිලිලා ගියා’’ යැයි සේවකයකු පැවසීය.








Comments