අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට සැප්තැම්බර් මස 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළේය. මන්නාරම විනිසුරුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නීතිඥයින් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සම් විභාග කරමින් අධිකරණය මෙලෙස නොතීසි නිකුත් කර තිබේ. අධිකරණය හමුවේ පෙනී සිටින දිනය වන තුරු අගතියට පත් පාර්ශ්වයට බලපෑම් නොකරන ලෙසද නියෝග කර ඇති අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසද නියෝග කර තිබේ.







Comments