ජවිපෙ හම්බන්තොට දිස්ත‍්‍රික් සංවිධායක සමන් මුතුකුමාරණ විසින් තමන්ට තර්ජනය කළ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමජිකයකු තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ.
සීඅයිබී 167/177අංකය යටතේ පැමිණිල්ල සටහන් කර ගෙන ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය කාලය පුරා විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ජවිපෙ නායකයින් කිහිප දෙනකු තවත් මැර පිරිසක්ද සමග ජන අරගල ව්‍යාපාරයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින්ට අමානුෂික ලෙස පහර දෙනු ලැබීය. පහර කෑමට ලක් වූ කිහිප දෙනකු බරපතළ තුවාල ලැබූ අතර අවස්ථා කිහිපයකදීම මරණ තර්ජනද එල්ල කර තිබිණි.









Comments