Latest news
A+ R A-

අසාධාරණයට ලක්වූ සියලු සිසුන්ට සරසවි වරම් ලබා දෙනු - සංජීව බණ්ඩාර

E-mail Print PDF

 

උසස් පෙළ විභාග ප‍්‍රතිඵල නිකුත්කිරීමේදී ඇතිවී තිබෙන ගැටළු හේතුවෙන් අසාධාරණයට ලක්ව සිටින සියලු සිසුන්ට සාධාරණය ඉටුකරන ලෙස බලකරමින් විශ්වවිද්‍යාල සිසුන්, අසාධාරණයට ලක්වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝණයක් පැවැත්වූහ.

 මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිදාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා.

“ආණ්ඩවේ නොහැකියාව නොසැලකිල්ල හා වගකීම්විරහිත බව හේතුවෙන් මේවන විට රටපුරා උසස් පෙළ සිසුන් විශාල සංඛ්‍යාවක් අසාධාරණයට ලක්වී සිටිනවා. නව ප‍්‍රතිඵල නිකුතුවත් ගැටළු සහගතයි. මුලින් නිකුත්කළ ප‍්‍රතිඵලයට අනුව සරසවි තේරුණු සිසුන් විශාල ප‍්‍රමාණයකට නවනිකුතුවත් සමඟ එම අවස්ථා අහිමිවෙලා තියෙනවා. ඔවුන්ට සරසවි යන්නත් බෑ. නැවත විභාගයට ඉදිරිපත්වෙන්නත් බෑ. නමුත් ආන්ඩුව කියනවා සතියෙන් විභාග අයඳුම්පත් දෙනවා කියලා. හැබැයි  ඕන කෙනෙක්ට තේරෙනවාAතුනක් ගත්තත් සරසවියන්න බැරිතරම් තරගකාරී විභාගයකට සුදානම් වෙන්න සතිදෙකක් නෙවෙයි අවුරුදු දෙකත් මදි.

ඒ වගේම තමයි නැවත නැවත ප‍්‍රතිඵල වෙනස්කරන එකෙනුත් කිසිම සාධාරණයක් බලාපොරොත්තුවෙන්න බෑ. ඒකෙන් වෙන්නෙ සිසුන් තවදුරටත් කාලකන්නි වෙන එක විතරයි. ඒ නිසා අපි කියනවා මේකට තියෙන්නෙ එක විසඳුමයි. ඒතමයි සියලූම අසාධාරණයට ලක්වූ සිසුන් සරසවිවලට බඳවාගැනීමට ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි. අපි කියනවා ඒක කරන්න පුළුවන්. මොකද දැනටමත් විශ්වවිද්‍යාලවල යම් පමණකට පුරප්පාඩු තියෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවල ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් එකවර බඳවාගත් අද්දැකීම් තියෙනවා. ඒ නිසා ඒ ක‍්‍රමවේදය භාවිතාකරමින් සියලූම අසාධාරණයට ලක්වුවන් සරසවිවලට බඳවා ගතයුතුයි.

අපි ආණ්ඩුවේ ප‍්‍රතිචාරය දෙස දැඩි අවධානයෙන් ඉන්නවා. අසාධාරණයට ලක්වූ අන්තිම ශිෂ්‍යා දක්වා සාධාරණය ඉටුකළ යුතුයි. ඒවෙනුවෙන් අපි අඛණ්ඩව සටන් කරනවා. ඒ වගේම තමයි අපි ජනතාවට කියනවා මේ වෙලාවෙ හැමෝම ඒකාවන්ව පෙළ ගැසි සටන් වැදිය යුතුයි. එහෙම නැතුව බෝධි පූජාතියල දෙවියන්ට පොල් ගහල මේවට උත්තර නෑ. එකම විකල්පය වෙන්නේ නොහැකියාවෙන් පිරුණු මජර පාලනයට එරෙහිව සටන් වැදිමයි.

  

Comments

 
0 # wije 2012-07-26 22:21
You all are great university students ! All must come forward to struggle for our own rights..!
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

online

We have 149 guests online

Advertisment

advertisment