මෙම වසරේ මුල සිට හිඟ වැටුප් ගෙවීම පැහැර හැරීමට විරෝධය පා ත්‍රිකුණාමලයේ ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගමේ සේවකයින් වැඩවර්ජනයක නිරතවේ.
සේවකයින් අද උදෑසන ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන බෙදාහැරීමේ පර්යන්තයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයකද නිරත විය.
මෙම වර්ජනය හේතුවෙන් ඉන්දියන් ඔයිල් සමාගම විසින් දෛනිකව සිදුකරන තෙල් බවුසර 500ක පමණ බෙදා හැරීමේ කටයුතු ඇන හිට තිබේ.







