මෙවර උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් ඉල්ලුම් කළ කල්මුනේ සිසුවියකට ප්‍රවේශ පත්‍රය ලැබී ඇත්තේ විද්‍යා අංශයෙන් බව වාර්තාවේ.
මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කල්මුනේ කාර්මෙල් ෆාතිමා විදුහලේ පී. පවිත්‍රා නමැති සිසුවියයි. ගණිත අංශයෙන් විභාගයට පෙනී සිටීමට අයදුම් කළ ඇයට, විද්‍යා අංශයේ විෂයන් වන ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව ආදි විෂයන්වලට පෙනී සිටීමට අදාළ විභාග ප්‍රවේශ පත්‍රයක් විභාග දෙපාර්තමේන්තුව විසින් එවා ඇත.
කෙසේ වෙතත් මෙම ගැටලුව විසදා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට දුරකථනයෙන් කතාකළ බවත්, මේ පිළිබඳ ෆැක්ස් මගින් දැනුම්දෙන ලෙසට එහිදී පැවසූ බවත්, ඉන් පසු මේ පිළිබඳ සොයා බලන බව දැනුම්දුන් බවත් මෙම සිද්ධියට මුහුණ දුන් සිසුවිය පැවසුවාය. එහෙත් ඇයට විභාග දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැත.







