මැදවච්චිය ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේ ඉඩම් හමුදාව විසින් අත්පත් කර ගැනීමට විරෝධය පා අද එම ප්‍රදේශයේදී දැවැන්ත විරෝධතාවක් පැවැති බව වාර්තාවේ. ඉකිරිගොල්ලෑව ප්‍ර දේශයේ සී.ඕ. කාර්යාලයට අයත් ඉඩම හමුදාව විසින් අද උදෑසන එළිපෙහෙලි කිරීමත් සමඟ ප්‍ර දේශවාසිහු මෙම විරෝධතාව පවත්වා තිබේ. මේ සඳහා ප්‍ර දේශවාසීන් 1000කට අධික සංඛ්‍යාවක් පැමිණි බවද වාර්තාවේ.
එම ස්ථානයට පැමිණි රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රා දේශීය දේශපාලනඥයින් එම ඉඩම් හමුදාවට පවරාදීම අත්හිටුවන බවට පොරොන්දුවීමෙන් අනතුරුව විරෝධතාව අවසන්ව තිබේ.








