A+ R A-

තෙල් සංස්ථාවේ හෙජිං ඇපෑල පරදී

E-mail Print PDF

 

මතභේදාත්මක හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය අධිකරණයක් ලබාදුන් තීන්දුවකට එරෙහිව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගොණුකළ අභියාචනයක් එරට ඉහළ අධිකරණයකදී ඊයේ (27) පරාජය වී තිබේ.

ඒ නිසා මුල් අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට අනුව ස්ඩෑන්ඩර්ට් චාර්ටට් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 162ක් සහ පොලියද ගෙවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවනු ඇත.

ලන්ඩන් අධිකරණයේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡ කරන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

ඒ පිළිබද කළ විමසීමකදී නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ, ඉහල අධිකරණයේ නියෝගය සියුම්ව අධ්‍යයනය කළ යුතු බවයි. එම නියෝගය ප‍්‍රතික්ෂේප කරමින් එරට ඉහළම අධිකරණය වන සාමි මන්තී‍්‍ර මණ්ඩලයට අභියාචනයක් ගොණු කළ හැකිදැයි ඊළගට සලකා බලන බවද නීතිපතිවරයා පවසා ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙජිං ගිවිසුමට අත්සන් තැබුවේ ඉකුත් 2007වසරේදීය. දේශීය සහ අන්තර්ජාතික බැංකු 5ක් එම ගිවිසුමේ සෙසු පාර්ශවකරුවන් විය.

ලෝක වෙළදපොලේ මිල කුමක්වුවද බැරලයක් අමෙරිකානු ඩොලර් 130ක් වූ ස්ථිර මිලකට ශී‍්‍ර ලංකාවට ඛනිජ තෙල් මිලදී ගැනීමට එමගින් විධිවිධාන සලස්වා තිබිණ. එහෙත් කෙටි කාලයකින් ලෝක වෙළද පොලේ ඛනිජ තෙල් මිල බැරලයක් අමෙරිකානු ඩොලර් 50ක් පමණ දක්වා කඩා වැටිණ.  ඒ නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවූ අලාභය අමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ බවට ඇස්තමේන්තු කර ඇත.

කෙසේ නමුත් තෙල් මිල අඩුවීම හේතුවෙන් ගිවිසුම් ප‍්‍රකාරව පෞද්ගලික බැංකුවලට ගෙවිය යුතු විශාල මුදල් ප‍්‍රමාණය ගෙවීම තෙල් සංස්ථාව ප‍්‍රතික්ෂේප කර තිබිණ.

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search

online

We have 143 guests online