පසුගිය වර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් අසාධාරණයට ලක්වූ වලස්මුල්ල ප්‍රදේශයේ සිසුන් පිරිසක් විසින් අද වලස්මුල්ල නගරයේ සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැර කණ්ඩායමක් පැමිණ පහරදී ඇති බව වාර්තාවේ.
මෙම උද්ඝෝෂණය සඳහා සිසුන් 300කට අධික සංඛ්‍යාවක් සහභාගීවී ඇති අතර උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි 8 දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් උද්ඝෝෂණය මෙහෙයවූ සිසුන්ට පහරදී තිබේ. එහිදී උද්ඝෝෂණයට සහය පළ කිරීමට පැමිණි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුද පහරකෑමට ලක්ව ඇති බව වාර්තාවේ.






