Latest news
A+ R A-

සක්මන

E-mail Print PDF

 

නිමල්

alt1980 මුල් කාලය වනතෙක් ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස තනිව වැජඹුණු ගුවන් විදුලියට නොසිතූ විරූ ලෙස ප‍්‍රතිවාදියෙක් මුණ ගැසුණා. පෞද්ගලික ගුවන් විදුලි නාලිකා අවසරපත් අතැතිව බිහිවූ මේ ප‍්‍රතිවාදියා පසු කාලයේ ශක්තිමත්ව හා තමන්ව අනුගමනය කරන තව තවත් ප‍්‍රතිවාදීන් රැසක් ද පිරිවරා ඉදිරියට පැමිණියා. නිමල් ලක්ෂපතිආරච්චි යනු මේ ගුවන් විදුලි නාලිකා සටනේ කැපී පෙනෙන චරිතයක් වුණා. එසේත් නැත්නම් එකිනෙක ප‍්‍රතිවාදීන් අතර ප‍්‍රබල චරිතයක් වුණා. ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්මික ශිල්පියෙක් වූ නිමල් ලක්ෂපතිආරච්චි එහි තිබෙන අඩු පාඩු හා ඉදිරි තාක්ෂණික දියුණුවත් ලෝක තාක්ෂණය විද්‍යුත් මාධ්‍ය තුළ හසුරුවන්නේ කෙසේද යන්නත් පිළිබඳව අවධානයෙන් සිටියෙක්. ඔහුගේ එම අවධානය ගුවන් විදුලි ක්ෂේත‍්‍රය පරයා රූපවාහිනී ක්ෂේත‍්‍රය දක්වා ද පැතිරුණා. ඒ අනුව ඔහු එය අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයන් ලාංකේය ගුවන් විදුලියට, රූපවාහිනියට ප‍්‍රායෝගිකව ගෙන ඒමට උත්සාහ කළා. යෝජනා කළා. විද්‍යුත් මාධ්‍යයේ ඉදිරි හැසිරීම ලෝකය තුළ කෙසේ වෙයිද යන්න තනි පුද්ගලයකු ලෙස ඔහු දුටුව ද එය ආයතනික ලෙස දැකීමට උත්සාහ නොගත් බලධරයන් ඔහු නොසලකා හැරියා. එහි ප‍්‍රතිඵලයක් ලෙස අලූතින් බිහි වූ විද්‍යුත් මාධ්‍ය වෙළෙඳ පරම්පරාව නිමල් ලක්ෂපතිආරච්චි නම් වූ චරිතය ඉතා පහසුවෙන් සිය ගොදුරක් කරගත්තා. පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ජාලය තුළ නිමල් ලක්ෂපති ‘පොරක්’ වුණා. වෙළෙන්දෙක් වුණා. ඇත්තවශයෙන්ම ඩිජිටල් තාක්ෂණික වෙනස්කම් පිළිබඳ සැබෑ ඉවක් තිබුණකු හා ලෝකයේ හෙට සිදුවන වෙනස අද දකින පුද්ගලයෙක් ලෙස නිමල් ලක්ෂපතිආරච්චි චරිතය පිළිගත යුතුයි. සාමාන්‍යයෙන් රටකට බලපාන සංස්කෘතික සාධක, විශේෂයෙන්ම ජන මනෝභාවයන්ට බලපාන සමාජමය සාධක සමග පර්යේෂණ සිදුකිරීමට නිලලත් සමාජ පර්යේෂකයන් ද පසුබට වන පරිසරයක් තුළ ලක්ෂපතිආරච්චි නොබියව සිය අත්හදාබැලීම් හා පර්යේෂණ සිදු කළා. ඒවායේ ප‍්‍රතිඵල හොඳ හෝ නරක වීමට පුළුවන්. අප පිළිගැනීමට, නොපිළිගැනීමට පුළුවන්. නමුත් එඩිතරව විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ විප්ලවීය පර්යේෂකයෙක් ලෙස ඔහු කි‍්‍රයා කළා. එහි ප‍්‍රතිඵල හා සමාජමය බලපෑම් හොඳ හා නරක ලෙස අද සමාජය අත්විඳිමින් සිටිනවා. එවන් පරිසරයක් තුළ අද ඔහු සිය ජීවිතයේ අවසන් ගමන ද ගොස් හමාරයි. ඔහු තැනූ මාධ්‍ය ජාලය - ඔහු යෝධයෙක් ලෙස ගොඩනැංවූ මාධ්‍ය ක‍්‍රමයම පසුගිය දා ඔහුව නොසලකා හැරියා. තමන් ගොඩනැඟූ ක‍්‍රමයේ සගයන්ට තම මරණය පිළිබඳ ප‍්‍රකාශයක් දීමට පවා නොහැකි තත්වයට ලක්ෂපතිආරච්චි ගොඩනැඟූ මාධ්‍ය ජාලය ශක්තිමත් හා නරුම වුණා. මාධ්‍ය වෙළෙඳ පරම්පරාව එතරම් නරුම බව ලක්ෂපතිආරච්චි සිය මරණය තුළින් කදිමට ඔප්පු කළා.

 

ඝාතනයට එරෙහි කලාව

alt1983 යනු ඊනියා ජාති ආලය හා දේශපේ‍්‍රමය පෙරට දමා ශ‍්‍රී ලාංකේය භූමිය තුළ මහත් ජන සංහාරයක් කළ වසරකි. ඒ අනුව 1983 කළු ජූලිය ලෙස නම් කළ ජූලි 23 ලාංකේය සමාජ ඉතිහාසය තුළ දැවැන්ත කළු පැල්ලමක් ඇති කළ දිනයකි. 1983 ධනපති පන්තියෙන් ඇරඹි දෙවැනි වටයේ ජන සංහාරය 1988 - 89 හා 2009 දක්වා අඛණ්ඩව මානුෂික මෙහෙයුම් යනාදී විවිධ නම් හා වාසගම් පෙරට දමා සිය පැවැත්ම වෙනුවෙන් ඉදිරියට ගෙන ආවේය. 2009 දී සිය මෙහෙයුම යුදමය ලෙස අවසන් කළ පාලකයන් විසින් පාරක් පාරක් ගාණේ කිරි බත්, කැවුම්, කොකිස් උයා - පිහා රතිඤ්ඤා වැල් දේශපාලනයෙන් සමරන ලදී. එදා මාධ්‍ය සංදර්ශන එකපිට එක යොදමින් යුද කළ පාලකයන් අමු අමුවේ මිනිසුන් ඝාතනය කරන අයුරු නිවසේ ආලින්දයට, සාලයට ගෙන ආ මාධ්‍ය ආයතන සිය පැවැත්මේ මෙවලමක් කරගත් පාලකයන් 2009 සිට අද දක්වා ද සිය යුදමය මෙහෙයුම නතර කර නැත. දිනකට දහ දොළොස් දෙනෙක් අතුරුදන් කරන ලාංකේය භූමියෙන් එක් කොටසක ජනතාවට දේශපාලනය කිරීමේ අයිතිය හා ජීවත්වීමේ අයිතිය අහිමි කරමින් බලහත්කාරී පාලනයක් ගෙන යමින් සිටී. පසුගිය දා ලයනල් වෙන්ඞ්ට්

කලාගාරයේදී දුටු ‘සමාධිය හා වෙනත් කෘති’ නම් වූ චිත‍්‍ර හා මූර්ති ප‍්‍රදර්ශනය තුළින් කියැවුණේ මේ දේශපාලනික පණිවුඩයයි. යුද්ධයේ හා ජන සංහාරයන් හි ඛේදවාචකය, උවමනාවෙන් අමතක කළ ඒ සිදුවීම් මතක් කර දෙන චන්ද්‍රගුප්ත තේනුවර සිය චිත‍්‍ර හා මූර්ති ප‍්‍රදර්ශනය තුළින් පසුගිය ජූලි 23 තෙක් සෑම වසරකම ජූලි 23 ඒ අඳුරු අතීතය මතක් කර දෙන්නේ කලාකරුවෙක් ලෙස සිය සමාජ භූමිකාව නිවැරැදිව අවබෝධ කර ගනිමිනි. කටුකම්බි ගසා වෙන්කළ පෞද්ගලික ජීවිත හා සිතුවිලි තුළ ඇති උල් කටු පඳුරුත් කටුකම්බි වැටවල්වලින් වට කළ අනාථ කඳවුරු හා මිලිටරි කඳවුරු - හිරගෙවල් තුළ දුක්විඳින රැඳවියන් - අනාථයන් හා සිරකරුවන් පිළිබඳත් දේශපාලනිකව ඉඟිකරන චිත‍්‍රත් සමාජ ඛේදවාචකයන් හමුවේ බලාපොරොත්තු දල්වාගෙන සිටිනා මවුවරු, සහෝදර සහෝදරියන්, හිතවතියන්, බිරින්දෑවරුන් ඒ බලාපරොත්තුවලට ජාතියක් ආගමක් නොමැති බව පෙන්නුම් කරමින් සිය සමීපතමයාගේ ගැඹුරු රුව පපුවට තුරුලු කර සිටිනා ගැහැනුන් සතරදෙනාගේ මූර්තිය මර්දන යන්ත‍්‍රයේ ස්වභාවය නිශ්චලව කියාපාන්නේ ප‍්‍රබල ආකාරයෙනි. සමාජයීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් කරවටක් ගිලී සිටිනා ලාංකේය භූමිය හා ඊට විසඳුම් නැති ධනපති පාලකයන් තවමත් ආරක්ෂා කරමින් ඔවුන්ගේ පසුපස වන්දිභට්ට ස්ත්‍රෝත‍්‍ර ගී ගයනා කලා ශිල්පීන් අතර චිත‍්‍ර ශිල්පියෙක් ලෙස චන්ද්‍රගුප්ත තේනුවරගේ මේ වෑයම හා දේශපාලනික මැදිහත්වීම අගය කිරීමට නොපසුබට විය යුතුය. 

 

 අජන්ත අලහකෝන්

Comments

 
0 # sudath 2012-07-29 20:04
Lipiye apara bagaya hitigaman c,thenuwara wetha geniyanawa,awas an peli keepayedi ho lukshapathi gena yamak kiyaido kiya beluwath e wagak ne,mokaddo petalillak thiyenawa.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

Advertisment

advertisment