වත්මන් උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය ඇති කළේ විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති බවත් එබැවින් එහි වගකීම විපක්ෂය භාරගත යුතු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගීවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය:
“දැන් ඇති වෙලා තිබෙන උසස් පෙළ ප්‍රතිඵල අවුල ආණ්ඩුවේ වැරැද්දක්ද? මේක ජනාධිපති කරපු එකක්ද?, ඇමතිවරු කරපු එකක්ද?, නැහැ. වත්මන් රජය යටතේ අධ්‍යාපනයට හොද ක්‍රමවේදයක් තියනවා. ප්‍රතිපත්තියක් විදිහට අධ්‍යාපනයට දේශපාලන ඇගිලි ගැසීම් කරන්නේ නැහැ. ගුරුවරුන් පත්කිරීමේදී පවා දේශපාලන ඇගිලි ගැසීම් කරන්නේ නැහැ.
ඒ වගේම තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීන්දු තීරණ ගන්න එක නිලධාරීන්ට පවරලා තියනවා උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඒ ගත්තු තීන්දු එක්ක පසුගිය දිනවල අධිකරණයට ගියා වෘත්තීය සමිති සහ ළමයින් කිහිප දෙනෙකු. අධිකරණයට ගියේ ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති. ඒ නිසා දැන් ඇති වෙලා තිබෙන අර්බුදයට වගකිවයුත්තේ ඒ ගොල්ලෝ මිසක් ආණ්ඩුව නෙවෙයි.“
එබැවින් සිසුන් පෙළපාලි යා යුත්තේ ආණ්ඩුවට විරුද්ධව නොව විපක්ෂයට විරුද්ධව බව ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.








Comments