කොළඹ වරයායේ ජයබහාලුම් පර්යන්තයේ බහාලුම් එසවීම සඳහා චීනයෙන් ගෙන්වූ දොඹකර 30න් 17ක් අක්‍රීය වී ඇති බව වාර්තාවේ. දින කිහිපයක සිට මෙම දොඹකර විටින් විට අක්‍රීය වෙමින් පැවැති බව වරාය සේවකයෝ පවසති.
ජයබහාලුම් පර්යන්තය සතුව ඇත්තේ දොඹකර 70ක් පමණක් බවත් ඉන් දොඹකර 17ක් මෙලෙස අක්‍රීය වීමෙන් දැඩි අර්බුදයක් මතුව ඇති බවත් සේවකයෝ පවසති.
කෙසේ වෙතත් මෙවැනි අක්‍රීයවීමක් තමන් වෙත මෙතෙක් වාර්තා වී නොමැති බව ජයබහාලුම් පර්යන්තයේ ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රකාශ කර තිබේ.






