පක්ෂ අභ්‍යන්තරයේ ඇති සියලූ අරගල ඉදිරියේදී ජනතාවට හෙලි කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. ඊයේ (28) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දෙන්නේ පක්ෂය නිවැරදි මාර්ගයට යොමු කරවීමේ අරමුණින් තමන් එම තීරණය ගත් බවයි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය:
“පක්ෂ ව්‍යවස්ථාවට ගෙනාපු 8.1 වගන්තිය ඉවත් කර නායකත්වය අවුරුදු 6කට වෙනස් කරන්න බැරි විදිහට කරපු ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතුයි. මම කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිටියා නම් මීට එරෙහිව කළ යුතු අරගලය මම කරනවා. නමුත් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරලා මම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්කර ඇති නිසා මට එය කළ නොහැකියි. එනිසා මම එම අරගලය පාක්ෂිකයන් සමඟ සිදුකරනවා. පක්ෂය තුළ ඇත්තටම සිදුවන අරගලය කුමක්ද කියා පාක්ෂිකයන් දැනගත යුතුයි. එනිසා එම කටයුත්තට අත ගැසීමට මම බලාපොරොත්තු වෙනවා.“








