'ඉසෙඩ්' ස්කෝර් අර්බුදය ගැන උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා විසින් සකස් කරන ලද වාර්තාව අද සවස ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතය.
ජනාධිපතිවරයාත්, එස්.බී. දිසානායක ඇමතිවරයාත් සහභාගි වූ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ඇමතිවරයා මේ බව අනාවරණය කර තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිසුන් පවසන්නේ ජනාධිපතිවරයා කැඳවන වාර්තාවලින් හෝ උසස් අධ්‍යාපන ඇමතිවරයා ලබා දෙන වාර්තාවලින් ගැටලුව විසඳෙන්නේ නැති බවයි. අසාධාරණයට ලක් වූ සියලු සිසුන්ට සරසවි වරම් ලබා දීම එකම විසඳුම බවද ඔවුහු පෙන්වා දෙති.








