A+ R A-

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කිරීම : ඇත්ත පවසන්නේ කවුරුන් ද?

E-mail Print PDF

 

අධ්‍යාපනය සඳහා ප‍්‍රමුඛත්වයක් ලබා දී අධ්‍යාපනය තූළ ආයෝජනය කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටීග මේ සඳහා සම්මේලනය ඉතා පැහැදිලි මිණුම් සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇතග එනම් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6‍% ක් වෙන් කරන ලෙසයි.

 මෙය ගෝලීය වශයෙන් පිළිගෙන ඇති මිණුමි දණ්ඩක් වන අතර ශී‍්‍ර ලංකා රජය බොහෝ ජාත්‍යන්තර හා කලාපීය සභාවල  දී අධ්‍යාපනය සඳහා මෙම 6‍% ක් වෙන් කිරීමට එකගතාව පළ කර ඇත. රජය මෙම මටිටමට කරා කිසිසේත් ළගා වී නොමැති බව ද ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දී ඇත. මෙම කරුණ සමිබන්ධයෙන් අර්ථාන්විත ලෙස ආචාර්ය සමිති සම්මේලනය සමග සාකචිජා නොකර හා සිය කැපවීමි මුදුන්පමුණුවා ගැනීම සඳහා මගක් සෙවීම වෙනුවට අචාර්ය සමිති සම්මේලනය වැරදි බව පමණක් නොව ලංකාවේ පමණක් නොව වෙනත් රටවල් පවා යොදා ගන්නා මෙම අන්තර්ජාතික සමිමතය ද වැරදි බව පෙන්වීම සඳහා රජය සිය ශක්තිය වැය කරමින් සිටී.  අධ්‍යාපනය වෙනුවෙන් වැඩියෙන් ආයෝජනය කිරීම කළ නොහැකි බවත් එය අනවශ්‍ය බවත් ඇගවීම මගින් ආපස්සට යාමේ ප‍්‍රවණතාවක් රජය පෙන්නුම් කරයි. මෙහි සරල අරුත වන්නේ, තමන් අධ්‍යාපනය පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වන බව රජය ප‍්‍රකාශ කරන බවයි. අධ්‍යාපනය පිළිබඳ වගකීම මේ රටේ පුරවැසියන් වන මහජනතාව විසින් භාර ගත යුතූ බව රජය කියා සිටීග අධ්‍යාපනය සඳහා අරමුදල් වෙන් කිරීමට තමන් සූදානමි නොවන බව රජය අවධාරණයෙන් කියා සිටී.  රජය මෙසේ පවසන්නේ තරකානුකූලව වැදගත් කමින් අඩු වෙනත් අංශයන් වෙනුවෙන් අරමුදල් වැය කිරීම සඳහා සිය සූදානම පෙන්නුමි කරන තත්ත්වයක් යටතේය.  මෙය රජය බලයට පත්වීමේ දී ලබා ගත් ජන වරම උල්ලංඝනය කිරීමකිග එය මෙම රජයේ කොටස්කාර පාර්ශවයන්ට කියා සිටිය හැකි උරුමයක් ද නොවේග  අධ්‍යාපනයේ වගකීමෙන් තමන් ඉවත් වීමේ චේතනාව විවෘත ලෙස ප‍්‍රකාශ කල වෙනත් කිසිදු රජයක් නොමැත. ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනය විනාශ කිරීමේ වගකීම භාරගත් රජයක් වශයෙන් තමන් ඉතිහාසගත වනු දැකීමට මෙම රජයට අවශ්‍ය වන්නේ ද?

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search