කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
මත්ද්‍රව්‍ය ලගතබා ගැනීමේ සිද්ධියකට සැකපිට මොහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත ඊයේ සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු අද අලුයම මෙලෙස මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මිය යාමේ සිද්ධි විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුළ වාර්තා විය.







