පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ වාර්තාවී ඇති වයස අවුරුදු 16 ට අඩු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධි 2500කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම පවසයි.
වෙනත් රටවල් හා සැසදීමේදී මෙම අගය ඉතා ඉහළ අගයක් ගන්නා බව එහි කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.
එමෙන්ම මෙරට තුළ පවතින වාතාවරණය තුළ වාර්තාවන අපයෝජන සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින බැවින් සැබෑ අපයෝජන සංඛ්‍යාව මීට වඩා විශාල අගයක් විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙති.







