ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් කේවල් පිරිමි ඉසව්වේ, තමන් සහභාගි වූ මූලික වටයේ තරගය ජය ගැනීමට සමත්ව තිබේ.
ලෝක බැඩ්මිටන් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවන ජපන් ක්‍රීඩක කෙන්චි ටාගෝ තරඟ 2 - 0 ක් ලෙස පරාජය කරමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ඇත.
එහිදී පළමු වටය ලකුණු 21 - 18ක් ලෙස හා දෙවන වටය 21 - 16ක් ලෙස ජය ගැනීමට නිලූක සමත්ව ඇත.








