පසුගියවර උසස් පෙළ විභාග ප්‍රතිඵල හේතුවෙන් අසාධාරණයට පත් උසස් පෙළ සිසුන් විසින් කලවාන නගරයේ ආරම්භ කළ අඛංඩ සත්‍යග්‍රහයට අද දිනය වන විට සතියක කාලයක් ගතව තිබේ. කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට මේවන තෙක් කිසිදු පිළිගත හැකි විසදුමක් නොලැබුණු බව එම සිසුහු පවසති.
මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලින් අසාධාරණයට ලක්වූ සියලු සිසුන්ට සාධාරණය ඉටු කරන තෙක් තම අඛංඩ උපවාසය අත් නොහරින බවත් ඊට විසදුම් ලබාදීමට රජය කටයුතු නොකළහොත් මෙය මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය විය හැකි බවත් සිසුහු අවධාරණය කරති.









