මේ වන විට අධ්‍යාපනය මුහුණපා ඇති අර්බුධය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිසුන් එක්ව සිදුකරන අරගලවලට සමගාමීව 30 දින මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙන් උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී. එමෙන්ම අද (31)දින සියලු පීඨවල සහභාගිත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීමටද නියමිත බවත් ඒ අනුව සියලු සිසුන් සහභාගි වන විරෝධතා පා ගමනක් විශ්වවිද්‍යාලයේ සිට ගාලුපාර දක්වා ගොස් උද්ඝෝෂණයක් පැවන බව මෙහිදී අදහස් දැක්වූ සිසුවෙකු පැවසීය.









