පසුගිය උසස් පෙළ විභාගයේ ප්රතිඵලවල මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීම සිදුකරන්නේ අද දිනයේ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එහෙත් එම වාර්තාව ඊයේ දිනයේදී භාර දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි. ඊයේ දිනය වන විට එහි වැඩකටයුතු අවසන් නොවීම හේතුවෙන් අද දිනයේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.







