කලින් වරක් බාල ඉන්ධන ගෙන්වූ සමාගමෙන්ම මෙවරද බාල ඉන්ධන තොගයක් ගෙන ඒම ඩීසල් වාහනවල දෝෂ ඇතිවීමට හේතුවී ඇති බව වාර්තාවේ. ඛනිජ තෙල් සංස්ථාව මෙලෙස බාල ඩීසල් ආනයනය කර ඇත්තේ සිංගප්පූරුවේ විටෝල් සමාගමෙනි.
කෙසේ වෙතත් වාර්තාවන ආකාරයට එම සමාගමෙන් ඩීසල් ගෙන්වීම මීට වසර 3කට පමණ පෙර තහනම්කර තිබී ඇත. එමෙන්ම බාල ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් එම සමාගම ශ්‍රී ලංකාවට දඩ මුදලක්ද ගෙවිය යුතුව තිබේ. මෙවර ඉන්ධන තොගය ආනයනය කර ඇත්තේ එවැනි තත්ත්වයක් තුළය. එබැවින් මෙම ඉන්ධන තොගය ආනයනය කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව කරුණු දැක්විය යුතුව තිබේ.
මේ අතර බාල ඩීසල් යෙදීම හේතුවෙන් දුම්රිය එන්ජින් 5ක්ද ක්‍රියාවිරහිත වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.







