මිනිස් ජාවාරම් චෝදනා මත පසුගියදා අත්අඩංගුවට පත්වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන අපේක්ෂකයා පසුගිය මැතිවරණවලදී ආණ්ඩුවට සහයෝගය ලබාදුන් පුද්ගලයෙකු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.
ඔහු මෙවර මැතිවරණයේදී ආණ්ඩුවට සහයෝගය ලබා නොදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි සම්බන්ධන් මහතා පවසයි.
පසුගිය මැතිවරණයේදී නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතාට ඔහු සහයෝගය ලබාදී තිබේ. එහිදී අත්අඩංගුවේ සිටි තරුණයින් 30 දෙනෙකු පමණ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡාකර නිදහස් කර ගැනීමටද ඔහුට හැකියාව ලැබී ඇති බව සම්බන්ධන් මහතා පවසයි.
කෙසේ වෙතත් ඔහු තරුණයින් කිහිප දෙනෙකුට රටින් පැනයාමට උදව්කර තිබිය හැකි බවත් එය මිනිස් ජාවාරමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.






