නමුණුකුළ කන්දේ ස්ප්‍රීම්වැලි ප්‍රදේශයේ ඊයේ රාත්‍රී ගින්නක් හටගෙන ඇති බව ආපාදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
එම ගින්න මේවන තෙක් මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී නොමැති අතර මේවන විටද ගින්න පැතිර යමින් තිබෙන බව එම මධ්‍යස්ථානය තවදුරටත් පවසයි.
කෙසේවෙතත් මේවන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන්, බදුල්ල පොලීසිය සහ ප්‍රදේශයේ ජනතාව එක්ව කටයුතු කරමින් සිටින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි








