2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල සුපිරි 16 දෙනාගේ වටය යටතේ කී‍්‍රඩා කළ ශ‍්‍රී ලංකා කී‍්‍රඩක නිලූක කරුණාරත්න ඉන්දීය කී‍්‍රඩක කාශ්‍යප් පරුපල්ලි අතින් පරාජයට පත්විය.
වට දෙකට එකක් ලෙස ලකුණු 14-21, 21-15හා 9-21වශයෙන් තරගය ජයගත් පරුපල්ලි, මෙම ඉසව්වේ අවසාන අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.
නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ 8වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටගෝ වට 18-21ක් සහ 16-21ක් ලෙස පරාජය කරමින් අවසන් ක‍්‍රීඩකයන් 16දෙනා අතරට පැමිණීමට සමත් විය.
කෙසේ වෙතත් මෙම තරඟය පරාජයවීමත් සමඟ නිලූක කරුණාරත්නට, බැඩ්මින්ටන් පිරිමි කේවල තරගයෙන් ඉවත්වීමට සිදුවේ.








