Latest news
A+ R A-

බාල ඩීසල් ගැන පිරවුම්හල්වලින් වාර්තාවක්

E-mail Print PDF

 

තත්ත්වයෙන් බාල ඩීසල් පිළිබද ගැටලු ඇති වී තිබෙන ඉන්ධන පිරවුම්හල්වලින් වාර්තාවක් ලබා ගැනීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

මීට අමතරව ඩීසල් භාවිතය හේතුවෙන් වාහන කාර්මික දෝෂයන්ට ලක්වීමේ සිද්ධින් සම්බන්ධයෙන් සලකා බලා අදාළ ඩීසල් සාම්පල තවත් විදේශීය රසායනාගාර කිහිපයකට යැවීමට පියවර ගෙන ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව යුරෝපයේ පිහිටි රසායනාගාර කිහිපයකට ද එම ඩීසල් සාම්පල යවා පරික්ෂා කිරිමට නියමිතය.

එමෙන්ම වාහන ‍කාර්මික දෝෂයන්ට ලක් වී ඇති සිද්ධීන් වාර්තා වූ ආයතන වෙත නව ඩිසල් තොග නිකුත් කර ඇති බවත් එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුව ද පරික්ෂණ ආරම්භ කර ඇති බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 120 guests online

Advertisment

advertisment