විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ පැවැති සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන්ව තිබේ. එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවී තිබේ.
ප්‍රශ්නය කඩිනමින් විසදාගැනීමට අවශ්‍ය බව එහිදී අවධාරණය කෙරී ඇති අතර ඒ අනුව ඉදිරියේදී යළි අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ආචාර්ය සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.







