පුත්තලම, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු පොලීසිය විසින් අනවරසයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් ලොරියක් ඊයේ දහවල් පැහැරගෙන තිබේ.
ආනවිලුන්දාව, අත්තන්ගනය මාර්ගයේදී මෙම පැහැරගැනීම සිදුව ඇත.
ආනුවිලුන්දාව වැවේ සිදුවන මහා පරිමාණ වැලි ගොඩදැමීමේ ජාවාරමට අදාළව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් විසින් අදාළ ලොරිය අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එය පුත්තලම පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී මෙලෙස පැහැරගෙන තිබේ.
එහිදී ලොරියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ රියදුරා පහරකෑමටද ලක්ව තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබු රියදුරා හලාවත මහරෝහලට ඇතුලත් කර තිබෙන අතර, සැකකාර ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.







