Latest news
A+ R A-

ජුලි මාසයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහලට

E-mail Print PDF

 

මාස පහලොවකට පසුව වාර්තාවූ ඉහළම උද්ධමනය ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් වාර්තා කර තිබේ.

මේ අනුව, රජයේ නිළ දත්ත අනාවරණය කරන්නේ ජූලි මාසයේ උද්ධමනය සියයට 9.8ක් දක්වා ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ආහාර කාණ්ඩයේ ඉහළ නැගීම කෙරෙහි සහල්, පොල්, මාළු, සීනි, පළතුරු, එළවළු හා පිළියල කළ ආහාරවල මිල ගණන් ඉහළ යාම දායක වූ බවත් සෞඛ්‍ය, රෙදි පිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු හා ප්‍රවාහන යන උප කාණ්ඩයන්හි මිලද වැඩිවූ බවත් සඳහන්ය.

නියං කාලගුණික තත්ත්වය ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතුවී තිබෙන අතර ජුනි මාසයේ උද්ධමනය පැවතියේ සියයට 9.3ක් ලෙසිනි.

මූල්‍ය අරමුදල පසුගියදා පැවසුවේ මේ වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 6.75ක් දක්වා අඩුවිය හැකි බවත් උද්ධමනය සියයට 9.5ක් දක්වා වැඩිවිය හැකි බවයි.

විමසුම ඇසුරිනි

 

Comments

 
0 # Nuwan Kumara 2012-08-03 09:44
Rajaye mathi amathiwarunge wada hindha me okkomama pau karapiting yanne janathawage kara piting
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 132 guests online