Latest news
A+ R A-

ඉන්දීය රජයට අන්නා හසාරෙගෙන් රතු එළියක්

E-mail Print PDF

altදූෂණ වංචා නැවැත්වීමට ඉන්දීය රජය වහා පියවර නොගන්නේ නම් රටපුරා විරෝධතා රැලි සංවිධානය කර රජය පෙරළන්න තමන් සූදානම් යැයි නවදිල්ලි අගනුවර උපවාසයක යෙදෙන ගාන්ධි අනුගාමික අන්නා හසාරේ පවසයි.

දූෂණ වංචා නැවැත්වීමට නීති සකස් කරන්නැයි අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ ඉන්දීය රජයට බල කරමින් හසාරේ සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ඉකුත් 29 වැනිදාය. මේ වනවිට 3,000 කට වැඩි පිරිසක් ඔහුට සහාය දක්වමින් ඔහු අසල රැුඳී සිටිති. ඒ අතර විපක්ෂ මන්තී‍්‍රවරු ද සිටිති.

රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට අගමැති මන්මෝහන් සිංගේ රජයට කිසිදු වුවමනාවක් නැතැයි ද හසාරේ චෝදනා කරයි. හසාරේ (79) මීට පෙර අවස්ථා කිහිපයකදී ද උපවාස කරමින් අගමැති  සිං ප‍්‍රමුඛ රජයට බල කළේ රජයේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙසටය. ඉකුත් වසරේ අගෝස්තුවේ ඔහු දින 12 ක උපවාසයක නියැලූණු අතර එය අවසන් වූයේ අගමැති සිං මැදිහත්වී දූෂණ වංචා විරෝධී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දුවක් දීමෙනි.

‘ලොක්පාල්’ යනුවෙන් නම් කෙරුණු එම පනත් කෙටුම්පත ඉන්දීය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුවය. එහෙත් මේ වන තෙක්ම ඊට උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ අනුමැතිය හිමි වී නැත.

දූෂණ වංචා නැවැත්වීමේ අරමුණ ඇතිව පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම ‘ලොක්පාල්’ පනත් කෙටුම්පතේ අරමුණ වේ.

අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට තවත් අධිකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් එම පනත් කෙටුම්පතට අනුව නියමිතව තිබේ. මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට නොහැකි ආකාරයේ බලතල ද ඊට හිමි වේ.

කිසියම් හෝ අකටයුත්තක්, දූෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට මෙම නව පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබේ.

පසුගිය වසරේ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් අවස්ථාවේ ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ කොමසාරිස්වරයාගේ තනතුර සඳහා කෙනකු තෝරා ගැනීමේ දී සැලකිල්ලට භාජන කරන්නන්ගේ ලැයිස්තුවට ප‍්‍රාන්ත අගමැතිවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළත් කළ යුතු බවය.

පනත කෙටුම්පත කිරීමේදී තමන්ගේ අදහස් විමසා බැලූ නමුත් පසුව එම අදහස් සැලකිල්ලට නොගෙන පනත කෙටුම්පත් කර ඇතැයි ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීහු ද රජයට චෝදනා කළහ. පනත කෙටුම්පත් කිරීමට සහාය දුන්නද හසාරේ චෝදනා කරන්නේ තමන්ගේ අනුදැනුමකින් තොරව එය ඉතා දුර්වල අන්දමට සකස් කර ඇති බවය.

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 128 guests online

Advertisment

advertisment