උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොළ සහ ඔහිය දුම්රිය ස්ථාන අතර වන ප‍්‍රදේශයේ ඇති වූ ගින්නක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. ගින්න හේතුවෙන් අක්කර දහසක පමණ රක්ෂිත ප‍්‍රදේශයක් විනාශ වී ඇති බවත් ඊයේ පස්වරුවේ ඇති වූ ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක ජී.එම්.එල්. උදයකුමාර මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වු රාත‍්‍රි තැපැල් දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේදී නතර කිරීමට සිදුවිය. එම දුම්රිය යළි හපුතලේ දුම්රිය ස්ථානය දක්වා රැගෙන ගොස් බස් රථවලින් මඟින් ප‍්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇත. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා වී තිබේ.







