මේ වන විට වෙළඳපලට නිකුත් කර ඇති ප‍්‍රමිතියෙන් තොර බාල ඩීසල් මිලදී ගත් සමාගමෙන්ම තවත් ඉන්ධන මෙ.ටො. 20,000ක් රැගත් නැවක් සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකාව බලා යාත‍්‍රා කරමින් ඇතැයි ඛණිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
පවතින තත්වය තුල මෙම නැව හරවා යැවිය නොහැකි බවද එය මෙරටට ළඟා වූ පසුව ප‍්‍රමිතියෙන් බාල බව තහවුරු වුවහොත් හරවා යැවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර තිබේ.
මේ වන විට රථ වාහන කාර්මික දෝෂවලට පත්වීමට හේතු වූ බව පැවසෙන ඩීසල් තොගය බෙදා අවසන්ව ඇති බවද මෙම ඩීසල් භාවිතය හේතුවෙන් මෙරට වාහන සහ යන්ත‍්‍ර සූත‍්‍ර රැසක් ආපදාවන්ට මුහුණ දී ඇතැයි වාර්තා වේ.






