ජල හිඟය නිසා තම කුඹුරු අක්‌කර දොළහක වී වගාව පාළුවීම හේතුවෙන් රුපියල් තුන්ලක්‍ෂයක පමණ වගා ණය ගෙවා ගැනීමට නොහැකිව සිත් තැවුලට පත් තඹුත්තේගම, ගම්මාන අංක 01ප්‍රදේශයේ පනස්‌පස් හැවිරිදි ගොවි මහත්මයකු වස පානය කොට සියදිවි හානි කර ගෙන ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.
තඹුත්තේගම ගම්මාන අංක 01ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වූ එම්. ජී. දයාරත්න නමැති අය මෙසේ මියගොස් තිබේ.
ඉකුත් 28වැනිදා ඔහු සිය කුඹුරේදී මෙලෙස වස පානය කොට ඇත. එහිදී අසාධ්‍යව වැටී සිටි ඔහු අසල්වාසීන් හා පවුලේ ඥාතීන් විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
අනතුරුව ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 31වැනිදා මියගොස් ඇති අතර, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (03දා) තඹුත්තේගමදී සිදු කෙරිණි.







